මේ දිනවල රජයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සංවිධානය කර නිවෙස් අසළට එළවළු, පළතුරු,,මාළු සහ
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලොරි මගින්
ගෙනවිත් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන නමුත් ඇතැම් ප්‍රදේශ වලට මෙම ද්‍රව්‍ය කිසිවක් ලැබී නැත.
ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමට ජනපති ලේකම් කාර්යාලයේ  විශේෂ ඒකකයක් මගින් සිදුවේ. එම ඒකකයට 0112354354 අංකයෙන් කතා කර ඒ ගැන දැනුම් දුන් පසු අදාළ ප්‍රාදේශීය කාර්යාලය එවෙලේම සම්බන්ධ කරදෙන අතර ඔවුනට ප්‍රාලේ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම හා ප්‍රදේශය නිසි පරිදි දන්වා සිටීමෙන් පසු භාණ්ඩ ප්‍රවාහන සේවාව ලබාගැනීමට පහසුකම් සපයා ඇත.