නවසීලන්තයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 514ක් තහවුරු වී ඇති අතර පසුගිය දිනය තුළ පමණක් ආසාදිතයන් 63දෙනකු වාර්තා වී තිබිණි. නමුත් පන්සියය ඉක්මවා ආසාදිතයින් වාර්තාවුවත්
එක් රෝගියෙකු හෝ මරණයට පත් නොවීම නිසා නවසීලන්ත කොරෝනා පාලනය ගැන ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා විමතිය හා ප්‍රශංසාව පළ කර තිබූ අතරවාරයේ අද දින නවසීලන්තයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ.

මියගොස් ඇත්තේ 70 හැවිරිදි කාන්තාවකි.
ඇය ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ද පෙළුණු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් කියා සිටියේ රටේ වයස්ගත පුද්ගලයින් වඩාත් අවදානමට ලක්ව ඇති බවත් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා සමාජ දුරස්ථභාවය පුහුණු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.
"අද මරණය අපගේ අතේ ඇති සටන දෙස ආපසු හැරීමක් සිදු කර ඇත. එය එතරම් වැදගත් වන්නේ ඇයිද යන්න මතක් කිරීමකි ඔබේ පවුලෙන් පිටත පුද්ගලයින් සමඟ සම්බන්ධතා නොපැවැත්වීම සරලම විසදුමයි. ජාතිය වෙනුවෙන් සැමට එලෙස තම කාර්යභාරය ඉටු කළ හැකිය." ඇය පැවසුවාය.