කොළඹ නාරාහේන්පිට නයින්වෙල්ස් පුද්ගලික රෝහලේ කොරෝනා ආසාදන පරීක්ෂණය ධනාත්මකවූ රෝගී මවක හා කුඩා බිළිඳියක ප්‍රතිකාර ලබන බවට ඇඟ ඉහපත වාර්තා සපයමින් ව්‍යාජ පුවතක් පළ කිරීමට
හවුල්වූ බව කියන එම රෝහලේ
සේවය කරන බව කියන වෛද්‍ය එම්.ඩී. ජයන්ත අතුල මහතා ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.
මීට පෙර මෙම සිද්ධිය නිසා අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදී හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී  නුවන් නිරෝධ අල්විස් මහතාට සිය මුහුණු පොතේ අදාළ පුවත පළකිරීමට පොළඹවමින් මෙම වෛද්‍ය වාර්තාව ලබාදී තිබුනේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන වෛද්‍ය එම්.ඩී. ජයන්ත අතුල මහතාය.
මෙම පුවත අසත්‍ය බවට රෝහල් බලධාරීන් කළ පැමිණිල්ල මත පොලිසිය අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබුණි.
මෙම පුවත පළකිරීම නිසා නුවන් නිරෝධ මහතා පසුගිය 29 දා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඊයේ 30 වෛද්‍ය ජයන්ත අතුල අත්අඩංගුවට පත්විය. දෙදෙනාම ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.