විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සමාජ ජාල තුළ පළවූ වාර්තාව පදනම් විරහිත බව දිනේෂ්ට හිතවත් විමල් වීරවංශට සම්බන්ධ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය
දන්වා ඇත.


විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහල නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වැළඳීම නිසා ඇය ඇසුරු කළ අය අතර විදේශ ඇමති දිනේෂ්ද සිටින නිසා  විදේශ ඇමතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තාවන්හි සඳහන් වූ අතර 71 හැවිරිදි ඔහුට එම ආසාදනය මාරාන්තික වියහැකි බවටද පුරෝකථන සිදු කර තිබුණි.
නමුත් එම වාර්තා දැඩිව බැහැර කර ඇති බවත් විදේශ කටයුතු ඇමතිවරයාගේ ප‍්‍රකාශකයෙකු එය සම්පූර්ණ අසත්‍යයක් බව දන්වා ඇති බවත් වාර්තා කර තිබේ.
ඊයේ දිනයේ ද ඇමතිවරයා උත්සව සහ නිල රාජකාරි කටයුතු ගණනාවකටම සහභාගි වූ බව දන්වා ඇත.