[Trending][btop]
[News][stack]

ඇඳිරි නීතිය නොතකා විවෘත කර ඇති වෙළඳසැල් වසා දැමීමට නියෝග

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි
වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා  උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම වෙළෙඳ සල් මෙන්ම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
එසේම ඖෂධහල් ඖෂධ හා අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත.