ඇඳිරිනීතිය හමුවේ රජයේ නිසි අවසරයක් ඇතිව හැටන් නගරයේ ඔසුසැල් කිහිපයක් විවෘත කර තිබෙන ආකාරයක් වාර්තා විය.



විවෘත කර ඇති ඔසුසැල් වල ඖෂධවේදින් විසින් වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ වට්ටොරුව අනුව අදාල ඖෂධ නිකුත් කරනු ලබයි.

ඇඳිරිනීතිය පනවා ඇති කාලයේ ඖෂධ ලබා ගැනිමට ඔසුසැල් වලට පැමිණෙන රෝගින් රජකාරියේ නියැලි සිටින පොලිස් නිලධාරින් වෙත වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ නිර්දේශ පත්‍රය පෙන්විමෙන් අනතුරුව රෝගින්ට අදාල ඖෂධ ලබා ගැනිමට පොලිස් නිලධාරින් විසින් අවසර ලබා දි ඇත.
ඔසුසැල් වලට පැමිණෙන රෝගින්ට  නිර්දේශිය ඖෂධ පත්‍රයේ සදහන් ඖෂධ පමණක් නිකුත් කිරිමටත්,ඔසුසැලේ අලෙවි කිරිමට ඇති අනෙකුත් කිසිදු ආහාර ද්‍රව්‍යයක් අලෙවි නොකරන බවයි ඔසුසැල් හිමියන්
කියා සිටියේ.
-හැටන් රංජිත් රාජපක්ෂ