හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන් සහ රෝයල් නර්සිං හෝම්  සභාපති මනුජ හේවාවසම් මහතා  එක්ව රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුක්ත, දැඩි සත්කාර ඒකකය සියලු පහසුකම් සහිත, නවීනතම ගිලන් රථ 2 ක්,
රුපියල් මිලියන 2 කට වඩා වැඩි වටිනාකමකින් යුත්
නවීනතම රෝහල් ඇඳන් 25 ක් සියළු වෛද්‍ය කාර්ය මණ්ඩලයද සහිතව මෙම කොරෝනා තත්වය මැඩපැවැත්වීමේ කාලය තුල පරිහරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීම අද (29) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ සභාපති රෝෂන වඩුගේ මහතා,  ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.