කොරෝනා පැතිරෙන රටවල සිට පැමිණෙන අය නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමේ විවිධ ගැටලු පවතින බවත් පහසුකම් රහිතව බිම නිදාගනිමින් දුක් විඳින බවත් මැසිවිලි නගමින් අද දින කටුනායකදී පිරිසක්
මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
රජය මගින් මෙම වැඩ පිළිවෙල නිසි කළමනාකරණය නොකරන බව ඔවුන්ගේ චෝදනාවයි.
විදෙස්ගතව සිටි සිය ඥාතියෙකු නිරෝධායන මධ්‍යස්තානය වෙත යවන බසයට නැගුණ පසුව කටුනායක රැඳුණ ඥාතියෙකු මාධය වෙත කියා සිටියේ මෙසේය.
'පහසුකම් නෑ අරව නෑ මේවා නෑ කියල තමා කියන්නේ දන්නෑ ඉතින් ඒ ගොල්ලන් දාගෙන ගියා ඉතින්ග ආරංචි වුනේ බිම ඉඳලන්නයි තියෙන්නෙ පහසුකම් නෑ කියලා. පැය 10 ක් 12 ක් ෆ්ලයිට් එකේ ඇවිල්ල මෙතනත් පැය ගානක් රස්තියාදු වෙලා ළමයි පොඩි දරුවො එක්ක ආමාරුවෙන් ඉදලා ප්‍රශ්න ගොඩක තමා ඒ ගොල්ලො ඉන්නෙ.'