'කෝවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය මිනිසුන්ගෙන් සතුන්ට  ආසාදනය වන බව ඊයේ (5) තහවුරු විය. මේ බව තහවුරු කළේ හොංකොං සෞඛ්‍ය බලධාරීන්ය.  මීට දින කිහිපයකට පෙර, හොංකොං හි වයිරසය
ආසාදනය වූ 60 හැවිරිදි කාන්තාවකගේ නවාතැනේ සිටි බල්ලකුගේ සිරුරේ 'කෝවිඩ් 19' වයිරස විෂ බිජ හමුවිය.  එහිදී හොංකොං වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ වයිරසය සුරතල් සතුන්ට ආසාදනය වෙනවා යැයි අනුමාන කරන බවත් වැඩිදුර පරික්ෂණ පවත්වන බවත්ය.


හොංකොං සෞඛ්‍ය බලධාරීන් ඊයේ (5) මාධ්‍ය හමුවේ කියා සීටියේ වැඩිදුර පරික්ෂණ අවසන් කළ බවත් බල්ලාගේ සිරුරේ වයිරසය දිගටම පවතින බව තහවුරු වුණු බවය. හොංකොං සෞඛ්‍ය බලධාරින් ඊයේ (5) මාධ්‍ය හමුවේ කියා සිටියේ වැඩිදුර පරික්ෂණ අවසන් කළ බවත් බල්ලාගේ සිරුරේ වයිරය දිගටම පවතින බව තහවුරු වුණු බවය.  සුරතල් සතුන්ට කොරෝනා වයිරසය මිනිසුන්ගෙන් බෝ වන බව ඒ අනුව තහවුරු විය. ඒ අනුව වයිරස ආසාදිතයන්ගේ සුරතල් සතුන් කොරෝනා පරික්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව හොංකොං බලධාරිහු වැඩිදුරටත් පවසා ඇත.