කෝරෝන වෛරසය පැතිර යමින් තිබෙන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාම සඳහා සංචාරක බර ලබාදීම අනතුරුදායක යැයී ශ්‍රී ලංකා සංචාරක බස්රථ

හිමියන්ගේ සංගමයේ සභාපති
නීල් ජයතිස්ස මහතාට පැවසීය. සැක සහිත උණ රෝගීන් ද ඇතුළු පිරිසක් සමග සංචාරක බස් රථයක පැය දහයක පමණ කාලයක් ගතකිරීමට සිදුවීමෙන් බස් රථ රියැදුරන්ට සහ සහායකයන්ට දැඩි අවදානමකට ලක්වීමට සිදුවන බවද ඔහු කීවේය.

එම නිසා සංචාරක බස්රථ හිමියන් මම රියැදුරන් ද විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් තිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බව ද ජයතිස්ස මහතා කීය. කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට මඩකළපුව හා කන්දකාඩුව දක්වා බස්රථය ධාවනය කරන රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලබාදෙන සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැතැයි ද නීල්  ජයතිස්ස මහතා සඳහන් කළේය.

-රංජන් කස්තුරි-