කොරෝනා වෛරසය පැතිරයාම වලක්වා ගැනීම සඳහා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බේරුවල පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.



එම ග්‍රාමයේ පදිංචිකරුවකු වූ කොරෝනා වයිරස ආසාදිතයකු ඊයේ (29) රාත්‍රියේ සෞඛ්‍ය අංශ මැදිහත්ව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම ආසාදිතයා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියැදුරකු වන අතර එම පුද්ගලයා ස්ථාන 20කට වැඩි ප්‍රමාණයක සැරිසරා ඇති අතර එම ස්ථාන හා පුද්ගලයන් සොයා නිරෝධායන කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ හමුවූ ආසාදිතයා සමග බේරුවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හමු වී ඇත.