විදේශිකයන්ව කොරෝනා වෛරසය පර්යේෂණ  සදහා මඩකලපුට රැගෙන  ඒම නතරකරන්නෙයි ඉල්ලා මඩකලපුවේ විරෝධතා රැලියක් හා දැනුවත් කිරීමේ  අරගලයක් දියත්  කරන ලදි. 

මඩකලපුව දිස්ත්‍රික්කයේ  ඇති පොදු සංවිධාන සංවිධානයෙන්  අරගලය හා රැළිය පැවැත්වුණි.

කොරෝනා රෝගය වැලදි ඇතැයි  සැකකරන  විදේශිකයින්ව  මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ පවත්වන  නිරෝධ්‍ය මධ්‍යස්ථානයට  රැගෙන ඒමේ කටයුතු රජය ක්‍රියාත්මක කරයි.  තවද කොරෝනා වෛරස සදහා ප්‍රතිකාර  ලබාදීමේ මධ්‍යස්ථානයක් ලෙස මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර ඇති බවට  තොරතුරු  ප්‍රකාශයට පත්ව ඇත.  මෙම කටයුතු දෙකකටම විරෝධය පලකරමින් රැළිය හා දැනුවත් කිරීමේ අරගලයක් දියත් කරනලදි. 

කොරෝනා  පරීක්ෂණය මඩකලවේදී නොකරනු" යනු තේමාව කරගත්  පෙළපාලිය  මඩකලපුව ආනපන්දි  සිත්ති විනායගර් කෝවිල අසලින් ආරම්භ වී  මඩකලපුව ශික්ෂණ  රෝහල දක්වා  ගිස්  එහිදි විරෝධතාවය කරන ලදි.

මඩකලපුව දිස්ත්‍රික්කය  පසුගිය කාලයේ  විවිධ ඛේදවාචක වලට  මුහුණ දුන් දිස්ත්‍රික්කයක් වන අතර නැවත  විනාශයන් ඇති නොකරන ලෙසට  ඉල්ලා යෝජනාවක් උද්ඝෝෂණකරුවන් ඉදිරිපත් කරන ලදි. මඩකලපුව ශීක්ෂණ  රෝහලේ  කොරෝනා  ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසට පත් කිරීම වහා වෙනස් කල යුතුයැයි   එසේ නොකරන්නේ නම් රෝහල වැටලීමට සිදුවන බවට අනතුරු අගවන ලදි.   

මෙම අරගලය මඩකලපුව දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන නියෝජිතයින් ,කාන්තා නියෝජිතයින් තරුණ සංගම් සාමාජිකයින්  තරුණ සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස් සහභාගිවිය.

ඒ සමගම  මෙම සිද්ධියන්වලට විරෝධය පාමින් වාකරේ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ රිදිතැන්න ඉක්රහ් විද්‍යාලයේ  සිසුන්  දෙමවුපියන්  පාසලේ පිවිසුම් මාර්ගය  වසා විරෝධතාවයේ යෙදුණී . 

ජයන්තියාය අහමඩ් හිරාස් විද්‍යාලය සිසුවියන්  පාසලට නොපැමිණ කොරෝනා පරීක්ෂණය සදහා විදේශිකයන් අපගේ ප්‍රදේශයට ගෙන ඒමට විරෝධය පලකරන ලදි.