කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා ‘ඇවිගන්’ නැමැති ඖෂධයේ පෙති 5000ක් ජපානයෙන් මෙරටට පරිත්‍යාග
කර තිබේ.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ , කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බවය
මේ අතර රෝගීන්ට අවශ්‍ය ඖෂධ, මධ්‍යම තැපැල් හුවමාරුව හරහා බෙදා හැරීමේ වැඩපිළිවෙළ ද අද
ආරම්භ විය.
මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා උපකරණ තොගයක් චීනය විසින් මෙරටට ලබා දී
තිබේ.වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, අදාළ උපකරණ බෙදාදීම කඩිනමින්
ආරම්භ කරන බවයි .