කොරෝනා බවට තහවුරු  වු මොරටුවේ කල්දෙමුල්ල  ප්‍රදේශයේ දෙවෙනි පටුමගේ පදිංචි 82) කාන්තාවක් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (29) අයි.ඩී.එච් වෙත මාරු  කර යවා ඇති බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වාර්තා කර තිබේ.



අටලුගම ප්‍රදේශයේ කාන්තාවක සේවය කළ නිවසක හිමිකාරිනියට එම සේවිකාවගෙන් මෙලෙස කොරෝනා රෝගය සම්ප්‍රේෂණය වී ඇති බවත් වාර්තා විය. කෙසේ වෙතත් ඔවුන් පිටස්තර පුද්ගලයන් සමඟ වැඩි සබඳතාවයක් පවත්වා නොමැතිවීම හේතුවෙන්  අවට පවුල් පහක් වැනි සුලු ප්‍රමාණයක් නිරෝධනයට ලක් කිරීමට කටයුතු යොදා ඇති බව  මොරටුව නගරාධිපති සමන්ලාල්
ප්‍රනාන්දු මහතා දන්වා තිබේ.

මෙම කාන්තාව උණ රොගී තත්වයක් හේතුවෙන් ඉකුත් සිකුරාදා රාත්‍රියේ රෝහල් ගත වී ඇති අතර එහිදී පහළ වු ලක්ෂණ හේතුවෙන්  සිදු කළ පරික්ෂාවේදී කොරොනා බවට තහවුරු වීම හේතුවෙන් එසේ අයි.ඩී.එච් වෙත මාරැකොට යවා ඇත.

කාන්තාව  රෝහල් ගතවීමට පෙර ඊබට් පටුමගේ ඩිස්පෙන්සරියකින් ප්‍රතිකාරගෙන ඇති බවත්  එදින එම ඩිස්පෙන්සරියට පැමිනි රෝගීන් නිරෝධානය වීම සඳහා තමා හා සම්බන්ධ වන ලෙස සෞඛ්‍ය වෙද්‍ය නිලධාරිවරයා දන්වා ඇත.