මේ වනවිට ලංකාවේ හමුවී තිබෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව අතුරින් ඉතාලියානු චීන හෝ විදේශ සම්බන්ධතා නැති 39 දෙනෙකු සිටින බවත් එම 39 අතුරින් කොරෝනා වැළඳුනේ කෙසේදැයි සොයාගන්නට
සම්බන්ධතා හඳුනාගන්නට බැරිවූ 2 නෙකු

සිටින බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දන්වා සිටියේය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම දෙන්නා සපයා දුන් තොරතුරු මදකම හෝ වෙනයම් හේතුවක් මත ඔවුන්ට කෙසේ වැළඳුනේදැයි තවම පරීක්ෂණ මට්ටමේ පවතින බවයි.
කොරෝනා දැනට වැළඳී ඇති සෑම පුද්ගලයෙකුගෙන්ම සබඳතා පැවැත්වූ අය ගැන වෙනම විමර්ශනයක් වෛද්‍ය විද්‍යාත්මක කණ්ඩායමක් සිදුකරන බවත් එම තොරතුරු ඔස්සේ බුද්ධි අංශ මෙහෙයුමකින් ඔවුන් සොයායාම සිදුවන බවත් මෙහිදී හෙළි කරන ලදි.