ඇමරිකාවේ නිව්යොර්ක් නුවර ස්ටේටන් අයිලන්ඩ් ගබඩාවේ ඇමසන් කම්කරුවන් සඳුදා වැඩ වර්ජනය කිරීමක් සිදු කළේ සමාගමේ “COVID-19 වසංගතය තුළ තමන්ට ආරක්ෂාව තහවුරු නැති බව
දක්වමිනි.ලෝකයේ අංක එකේ සමාගමක් වුවත් ලාභය ගැන සිතන සමාගම සේවකයන්ට තැනක් දෙන්නේ නැතියි වෘත්තීය සමිතිය චෝදනා කර තිබේ. එක් සේවකයෙකු ගබඩාව තුළදී කොරෝනා ධනාත්මක වීමෙන් පසු මෙම විරෝධය මතු විය.
"සියලු සේවා යෝජකයින් මේ අවස්ථාවේ දී
ඔවුන්ගේ ශ්‍රම බලකායේ සෞඛ්‍ය හා ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවය දිය යුතුය. අවාසනාවකට මෙන්, ඇමසන් සිය සේවකයින්ගේ ආරක්ෂාව නොතකා අතිවිශාල ලාභය උපරිම කර ගැනීමට ප්‍රමුඛත්වය දෙන බව පෙනේ - මෙය පිළිගත නොහැකිය" යනුවෙන් RWDSU හි සභාපති ස්ටුවර්ට් ඇපල්බොම් පැවසීය.
JFK8 නමින් හැඳින්වෙන කම්කරුවන් 100 කට ආසන්න සංඛ්‍යාවක් වැඩ වර්ජනයට එක් වූහ.
කෙසේ වෙතත් ඇමේසන් ප්‍රකාශකයෙකු මෙසේ කියා තිබේ.
"දැනට පවතින කොරෝනා වෛරස් වසංගතය සමඟ පොරබදමින් සිටින සියලුම ව්‍යාපාර මෙන්ම, ප්‍රජාවන්ට සේවය කරන්නට අප කැපවුණ සමාගමකි.  වඩාත් අවදානමට ලක්විය හැකි සේවකයින් ආරක්ෂා කර ගැනීමට අපි වෙහෙස මහන්සි වී සිටිමු. මිනිසුන් ආරක්ෂාකාරීව තබා ගැනීමට අපි දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත්තෙමු. අපගේ ගොඩනැඟිලිවල සිටින අය ආරක්ෂිත දුරක් තබා ගැනීම සහතික කර ඇත. අප වැඩ කරන්නේ මේ අර්බුදයෙන් රට ගොඩගන්නටය'