කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට කොළඹ ගම්පහ හා කළුතරට පනවා ඇති ඇඳිරි
නීතිය අප්‍රේල් මස පළමු සතිය
අවසන් වන තුරු දිගටම බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 ) අවධානය යොමු කර තිබෙයි.
නිල නොවන වාර්තා ආකාරයට අප්‍රේල් 6 වන සඳුදා දක්වා එය ක්‍රියාත්මක කරන්නට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමේදී  කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබ තිබුණි.