විදුලි බිල්පත් ගෙවීමේ කාල සීමාව දීර්ඝ  කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ මස 31 වෙනිදා දක්වා බිල්පත්
ගෙවීමට සහන කාලයක් ලබා දීමට පියවර ගෙන ඇත.
කොරෝනා ව්‍යාප්ත වීම නිසා රට තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ඊට පෙර විදුලි බිල්පත් නොගෙවීම සම්බන්ධව විසංදිකිරීම් සිදු නොවන බවද දන්වා ඇත.
විදුලි බිල්පත් ගෙවීම මේ වනවිට අන්තර්ජාලය හරහාද සිදුකිරීමේ පහසුකමද සපයා ඇත.