බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයින් 20 දෙනෙකු
අද (28)  ඇතුළත් කළ බව කර්නල් කමල් ජයසූරිය මහතා පැවසීය.

මෙම පිරිස අටලුගම ග්‍රාම සේවා වසම් 6 කට අයත් පුද්ගලයන් බවත් කර්නල්වරයා පැවසීය.

ඉකුත් 26 වැනිදා මාරාව ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා වයිරසය ආසාදිත රෝගියා සමඟ මෙම පුද්ගලයන් ඇසුරු කර ඇති බව සෞඛ‍්‍ය සේවා කාර්යාලය සඳහන් කරයි.

ඔහු නිසා තවත් තිදෙනෙකුට අසාදනය සිදුවූ අතර ඔහුගේ පවුලේ තවත් දෙන්නෙකු අද උදේ රෝහල් ගත විය. ඒ අනුව ඩුබායි සිට අටලුගමට පැමිණි පුද්ගලයා නිසා වෛරසය පැතිරීම හෝ එම සැකය  ඔහු සමග 26 දෙනෙකු බවට පත්ව තිබේ.