අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් පසුව එම බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ව  වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කරවා ගැනීමට
කටයුතු කරණ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  චාර්ල්ස් නිර්මලනාදන් මහතා 22 දා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස්  එහි රදවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබදව තොරතුරු විමසා තිබේ.
හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේ දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් 11 දෙනෙකු මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින අතර පසුගියදා ඇති වූ සිද්ධියෙන් ඔවුන්ට හිරිහැරයක් සිදුව නොමැති බවයි.
නමුත් ඔවුන්ගේ ඉදිරි ආරක්ෂාව සදහා ඔවුන්ව උතුරු පළාතේ බන්ධනාගාරයක් වෙත මාරු කරවා ගැනීමට අවශ්‍ය ඉල්ලීම් සිදු කිරීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගන්නා බව චාර්ල්ස් නිර්මලනාදන් මහතා  පැවසීය.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ