'කෝවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනයෙන් පිට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (4) පැවැසීය. ඊයේ (4) ඉතාලියෙන් කොරෝනා
වයිරස මරණ 107ක් වාර්තා විය. වයිරස ආසාදිතයන් ගණන 3089කි. සෙම්ප්‍රතිශ්‍යාව තත්වයක් හේතූවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බියක් හට ගැණින. සෙම්ප්‍රතිශ්‍යාව රෝගි තත්ත්වය හේතුවෙන් පාප්තුමන් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර දේවමෙහෙය සඳහා සහභාගී වූයේ ද නැත.

කෙසේ නමුත් පාප්තුමන්ගේ රුධිර සාම්පල පරික්ෂාවට ලක් කෙරුණු අතර, එතුමන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව  තහවුරු විය. ඊයේ (4) වනතුරු චීනයෙන් පිට වැඩිම මරණ
සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට පත්ව තිබුණේ ඉරානයයයි. ඉරානයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 92 කි. ඊයේ (4) වනවිට ඉරානයෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 2,922ක් යැයි පැවසිණි. චිනයෙන් පිට කොරෝනා ආසාදිතයන් හමුවී ඇති රට ලෙස තවමත් ඉදිරියෙන් සිටින්නේ දකුණු කොරියාවය. ඊයේ (4) වනවිට දකුණු කොරියාවෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 5,766 කි. මරණ 35 කි.