කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල
ප‍්‍රතිකාර ලබන
රෝගීන් ගණන අද උදෑසන වනවිට 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් රෝගීන් 07 දෙනෙකු අංගොඩ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා ප‍්‍රතිකාර ලබන්නේ වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

මේ වනවිට හදුනාගෙන ඇති ආසාදිත පුද්ගලයින් ගණන 106 න් පුද්ගලයින් 07 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 99දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබති.