විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට නොමිලේ දුම්රියේ ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.



ඒ අනුව විශ්‍රාමිකයන්ට සිය ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබාගැනීමට හැකියාව පවතිනවා.

රජයේ මෙම තීරණය අද (19 ) සිට ක්‍රියාත්මක වෙනවා.

මේ පිළිබඳව ප්‍රවාහන ​සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.