කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
ජනරාල් වෛද්‍ය අනිල්

ජාසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට එම කාන්තාවගේ ශරීරයෙන් විෂබීජ සම්පූර්ණයෙන්ම හරණය වී ඇති බවයි.

එම කාන්තාව රෝහලෙන් පිටත් කර හැරිය හැකි තත්ත්වයට සුවය ලබා ඇති බවත් ඔහු කියා සිටියේය.

එසේම මේ වන විට කොරෝනා ආසාදිතයින් බවට සැක සහිත රෝගීන් 16 දෙනෙකු රෝහල්ගත කර සිටින බවත් ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.