ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය ලෙස සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වූවත් නිවැරදි පුද්ගලයින් තෝරා පත්කර ගැනීම ජනතාව සතු වගකීම බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රෙස්න මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වීම නරක යැයි නොපවසන බවයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් අද වන විට සන්ධාන ගත වී ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, ඒ ගැන සතුටු වන බවත් පැවසීය.

එළඹෙන මැතිවරණයේ දී ඒ හේතුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් දිනා ගැනීමට හැකියාව ඇති බවත් පැවසු අමාත්‍යවරයා, නමුත් සමහර දිස්ත්‍රික්කවල ශ්‍රීලනිපයේ අය පොදුජන පෙරමුණේ නායකයායන්ට හා පරණ සාමාජිකයන්ට කිසිදු ගරු සරුවක් නොමැතිව කටයුතු කරන ආකාරය පෙනී යන බවත් කියා සිටියේය.

ඒ අයට ඡන්ද දායකින් අවශ්‍ය ප්‍රතිචාර දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පැවසු අමාත්‍යවරයා, පොදුජන පෙරමුණේ පොහොට්ටු ලකුණ සමඟ අනෙකුත් පක්ෂ එකතු වු බවත් පැවසීය.

ඒ නිසාවෙන් කේවල් කිරීමට අවශ්‍ය නැති බවත් පොහොට්ටුව ලකුණ තෝරා ගන්නා ලෙස මුල සිට පැවසු අතර අද වන විට එය සිදු වී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.