පාසල්වල පළමු වාර විභාගය ලෙස පවත්වන විභාගය ඉදිරියේදී අත්හිටුවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තාවේ.

පළමු වාරයේදී පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරග ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා වැඩි ඉඩකඩක් ලබාදී තිබෙන අතර  විභාග පවත්වන්නේ ඒවා මැද අතපසුවූ පාඩම්ද සහිතවය.
බාහිර කටයුතු වලට දැනටත් වඩා වැඩි ඉඩක් ලබාදී පාසල්වල පළමු වාර විභාගය ලෙස පවත්වන විභාගය ඉදිරියේදී අත්හිටුවීමට යෝජනා වී ඇත.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර ඇති අතර, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරිම මෙහි අරමුණයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පාසල්වල පළමු වාර විභාගය අත්හිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන විශේෂඥයින්, මහාචාර්යවරුන් සහ වෛද්‍ය විශේෂඥයන් ඇතුළත් විද්වත් කමිටුවක නිර්දේශ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.