එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමරා ජනබලවේගය ඉදිරී මැතිවරණයට හංසයා ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ උපදේශක කාරක සභාව ඊයේ (18) තීරණය කළේය. උපදේශක කාරක සභාවේ මෙම තීරණය අද (19)
සිරිකොත පක්ෂය මූලස්ථානයේ පැවැත්ම වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම දැනුම්දීමට නියමිත බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය සමග ජන බලවේගය නමින් ඉදිරි මහා මැතිවරණයට මුහුණදීමටද උපදේශක කාරක සභාව මෙහිදී තීරණය කර තිබේ.


හංසයා ලකුණ යොදාගැනීම සම්බන්ධයෙන් වන නීතිමය තත්වය සොයාබැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ  පාරaලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර හා රවි කරුණානායක මහත්වරුන්ට බාර කෙරෙන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  එක්සත් ජාතික පක්ෂයේ උපදේශක කාරක සභාවට කෝට්ටේ පාරිලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) පස්වරුවේ රැස්වූ අතර, එම රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසුවේ සියලුම පාර්ශව එක්ව හංසයා ලකුණින් සමගි ජන බලවේගය සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බවය.

මෙම උපදේශක කාරක සභාව සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සහභාගි වූහ. උපදේශක කාරක සභාව ගත් මෙම තීරණය අද (19)  පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර නිල වශයෙන් අනුමැතිය ගැනීමට නියමිතව ඇත.

-අංජුල මහික වීරරත්න-