කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශය සඳහා නව නගර
සභාවක් පිහිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අධික මුස්ලිම් ජන ඝනත්වයක් වාසය කරන සයින්දමුරුදු පසුගිය කාලයේ සහරාන් ඥාතීන්ගේ ප්‍රහාරයක් නිසාද ප්‍රකට විය.
පසුගිය ජනපතිවරණ සමයේ එවක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එම ප්‍රදේශයේ ජනතාවට දුන් පොරොන්දුවක් ලෙස මෙය ඉටු කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ය.