සිය පෞද්ගලික ස්ථාවරය කිසිසේත් වෙනස් නොකරන බවත් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ ඇති කළ

සන්ධානයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්කර ගැනීමට තමා තරයේ විරුද්ධ බවත් කාර්මික
අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීම ගැටලුවක් නැතත් මෛත්‍රිපාල සිරිසේන හිටපු
ජනාධිපතිවරයා, පිහිටුවාගත් සන්ධානයේ නාමික තනතුරකට හෝ පත්කිරීම පිළිබඳ එකඟවිය නොහැකි බවත්
අමාත්‍යවරයා කීය.

"ඔහු සත පහකට හෝ විශ්වාස කළ හැකි පුද්ගලයකු නොවේ. මගේ විරෝධය මහින්ද මහතාටත්, බැසිල්
මහතාටත් කිව්වා. මේ තීරණයට මහින්ද මහතාට ඡන්දය දුන් පාක්ෂිකයනුත් විරුද්ධයි. මම අදත් විරුද්ධයි,
හෙටත් විරුද්ධයි. කිසිම බලයක් නැති සන්ධානයේ නිකන්ම තනතුරක් ඔහුට හිමිවීමත් දිට්ඨධම්මවේදනීය කරුමය
පඩිසන් දීමක්!

රුවන්ත නිතුල්ගස්පිටිය