ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් සිව් දෙනෙක් අද (19) දියේ ගිලී
මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ සිසුන් පිරිසක් බව පොලිසිය පැවසීය.

මෙම සිසුන් පිරිස ත්‍රීකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ගොස් ඇති බව පොලිසිය කීය.