රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ අයදුම්කල හැකි උපරිම වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබෙනවා.



පාර්ශව රැසක ඉල්ලීම් සළකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ.

මීට පෙර මෙම වයස් සීමාව පැවතියේ වයස අවුරුදු 35 ක් ලෙසටයි.

අදාළ අපේක්ෂකයන් ලබන 20 වනදාට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සිය අයදුම්පත් යොමු කල යුතු වනවා.

ඔවුන් පසුගිය ජනවාරි පළමුවනදා වනවිට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාම නිළධාරියා හෝ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කල යුතුවීම අනිවාර්ය වනු ඇති.

ලබන 20 වනදායින් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ.