දෙහිවල ජාතික සත්තුවත්තට විදුලි අලි වැටක් සවිකර අලි ඇතුන් අක්කර දෙකකට ආසන්න භූමියක නිදහසේ තැබීමට කටයුතු කර ඇති බව සත්වෝද්‍යානය කර ඇත. මේ පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා
ප්‍රියදර්ශනී මහත්මියගෙන් අප විමසා සිටි අතර එම මහත්මිය පැවසුවේ, මීටර් හාරසියක අලි වැටක් ඉදිකිරිමට පියවර ගත් බවයි. මෙතෙක් කාලයක් නිරත්තරයෙන් බැඳ දමා සිටි අලි ඇතුන් නිදහසේ තැබිමට නිදහස් අලි අරඛක් සත්වෝද්‍යානයේ නිර්මාණය කර ඇති බව සඳහන් කළ එම මහත්මිය, නිදහසේ සැරිසරන
අලි ඇතුන්ගෙන් නරඹන්නන්ට වියහැකි අනතුරු වළකාලීමට අලි වැට ඉදිකළ ඛව පැවසීය.

එක් අලියකු සහ ඇතින්නියන් හයදෙනකු සත්වෝද්‍යාන අලි අරණේ සිටින බව සඳහන් කළ ප්‍රියදර්ශනී මහත්මිය, විදුලි වැට  නරඹන්නන් සිටින සීමාවන් අඩි දහයක පරතරයකින් ඉදිකර ඇති බව පැවසුවාය.
නරඹන්නන්ට පහසුවෙන් අලි ඇතුන් නැරඹීමට ඇති ඉඩ කඩ පැරණි අලි අංගනයේද ඇතැම් අවස්ථාවන්හීදි සැලසුවද හැකි සෑම විටම ඔවුන් නිදහසේ තැබිමට පියවර ගෙන ඇති බව ඇය පැවසුවාය.

වසර ගණනාවක සිට සිදුකළ අලි සංදර්ශනයන්හීද වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව සඳහන් කළ ඇය මෙතෙක් කල් සිදුකළ අලින් බංකු මත නැග්ගවීම් වැනි ක්‍රියාකාරකම් නවතා දමා ඇත. එවැනි ක්‍රියාකාරකම් තුළින් අලින්ට සිදුවන අපහසුතා ගැන සැලකිල්ලට ගනිමින් අලි සංදර්ශනය අධ්‍යාපනික  වැඩසටහනක් ලෙස පරිවර්තනය කිරීමට පියවර ගෙන ඇති බව ඇය පැවසුවාය. අලියකුගේ ශරීර වට ප්‍රමාණය සහ ඔවුන් හොඩවැලෙන්  සිදුකරන ක්‍රියාකාරකම් මෙන්ම ජලය රදවාගන්නා ආකාරය වැනි සරල ක්‍රියාකාරකම් කිහිපයක් සමග අලි අධ්‍යාපනික  වැඩසටහන සිදුවන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

-රේඛා තරංගනී ෆොන්සේකා-