එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජංගම දුරකථන පටිගත කිරීම ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අශේන් සේනාරත්න නම් සමාජජාල ක්‍රියාකාරිකයා ගෙන් ප්‍රශ්න කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය
විසින් ඊයේ දිනයේ පැය තුනක පමණ කාලයක් මෙම ප්‍රකාශ ඔහුගෙන් සටහන් කර ඇත.

 ප්‍රශ්න කිරීම්වලදී රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද වාර්තා වෙයි.

තමන් අවස්ථා කීපයේදීම රාමනායක මහතාගේ මාදිවෙල මන්ත්‍රී නිවසට ගොස් ඇති බවද සමාජ ජාලා ක්‍රියාකාරකම්වලට අදාළ ඔහුට සහාය දුන් බවද අශේන් සේනාරත්න සඳහන් කර ඇත.

එමෙන්ම රාමනායක මහතාගේ නිවසට නිතර ආගිය ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම්ද මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.