ශානි අබේසේකර විසින් පරීක්‍ෂණ කටයුතු සිදුකර, පද්මිණි රණවක විනිසුරුවරිය විසින් තීන්දු ලබාදුන් නඩු නැවත වරක් විභාග කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මප්පිල මහතා පැවසීය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාදවලට අනුව දුමින්ද සිල්වා මහතාට ලබාදුන් නඩු
තීන්දුව අධිකරණය විසින් ලබාදුන්නක් නොව, දේශපාලකයන් හා විමර්ශන නිලධාරින් විසින් සකස් කළ තීන්දුවක් බවට අනාවරණය වන බවද ගමිමන්පිල මහතා සඳහන් කළේය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (07) පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,

"දුමින්ද සිල්වාගේ නඩුවේ තීන්දුව දෙන්න කලින් ශානි අබේසේකර දන්නේ කොහොමද පද්මිණි විනිසුරුවරිය සහ තවත් විනිසුරුවරයකු දුමින්දට දඩුවම් දෙන බවත්, ශිරාන් රණසිංහ විනිසුරුවරයා දුමින්දව නිදහස් කරන බවත් ශනි විසින් රන්ජන්ට කියනවා.
එතකොට මම ශිරාන්ට කතා කරන්නදැයි රන්ජන් අහනවා. කතා කිරීමට අනවශ්‍ය බවත්, එවැනි  තීන්දුවක් හොද බවත් ශානි පවසනවා එහෙම නම් දුමින්ද සිල්වාට ලබාදුන් තීන්දුව අධිකරණයේ තීන්දුවක් නොව දේශපාලකයන් සහ වීමර්ශන නිලධාරීන් එක්ව සැකසූ තීන්දුවක් බව දැන් පැහැදිලියි.

දුමින්ද සිල්වා දැන් වසර හතරක් සිරගෙදර දුක් විඳිනවා. ඔහුව දැන් නිදහස් කළත්, ඔහුගේ ජිවිතයේ අහිමි වුණු වසර හතර යළි ලබාදෙන්නෙ පුළුවන්ද? ප්‍රංශයේ මොන්තේ ක්‍රිස්තො සිටුවරයා නොකළ වරදකට වසර විස්සකට සිරදඬුවම් විඳිනවා. ඔහුගේ පෙම්වතිය අයිති කර ගන්න තමයි පාලකයා ඔහුව වරදක පටලවන්නේ. ඔහු සිරදඩුවමින් පසු හිටියාටත් වඩා පොහොසත් වෙනවා. පැරණි පෙම්වතිය යළි විවාහ කර ගන්නවා. නමුත් ඔහු පාලකයාට කියන්නේ ඔබට සෑමදේම මට දෙන්න පුළුවන්, නමුත් මගේ පිවිතයේ නැති වුණු අවුරුදු විස්ස දෙන්න පුළුවන්ද කියලා. දුමින්ද සිල්වත් හිරෙන් නිදහස් වී ඇවිත් ඒ ප්‍රශ්නයම සමාජයෙන් අහන්න පුළුවන්.

විනිසුරුවරයෙකු සමග කවුරු හරි නඩුවක් ගැන කතා කරන එනවා නම්, ඒ සාකච්ඡාව විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ යුතුයි. ප්‍රතික්ෂේප කරන විටත් බලපෑම් කරනවා නම්, අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළ යුතුයි. විනිසුරුවරුන් තීන්දු දෙන්නේ දේශපාලකයන් සහ විමර්ශන නිලධාරීන් සමග සාකච්ඡා කරලා නම්, කුමටද එරට අධිකරණය, නීතිය සහ විනිසුරන් කියා අපට අසන්න සිද්ධ වෙනවා. අතළොස්සක් විසින් අධිකරණයේ ගෞරවය බරපතළ ලෙස විනාශ කර තිබෙනවා. ජනතාවට සාධාරණයක් ඉටු වීමට නම් පසුගිය යවසර පහේදී ශානි විමර්ශන සිදුකළ නඩු වගේම පැද්මිණී තීන්දු දුන් නඩු යළි විභාග කළ යුතු බවට අපි අගවිනිසුරුතුමාට යෝජනා කරනවා. එහෙම නොකොළොත් බොරු වැරදිවලට සිරදඬුවම් විඳින සමාජයන් අපහාස විදින දේශපාලන දඩයමේ ගොදුරු බවට
පත්වූවන්ට සිදුවන්නේ බලවත් අසාධාරණයක්.පොලිස් අත්අඩංගුවට පත් වුණු රන්ජන්ගේ දුරකථන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා මම දැක්කා. ඒවා පොලීසියට දුන් පුද්ගලයාම තමයි සමාජාලාවලට මුදාහැරීයේ.

ඒ වගේම විවිධ සංවිධාන සහ දේශපාලකයන්ට ලබාදුන්නේ. රන්ජන් සෑම දුරකථන ඇමතුමක්ම ස්වයං පටිගත වන ඇප් එකක් දුරකථනයේ දාගෙන ඉන්නේ. දුරකථනයේ ඉඩ මදි වුණාම දුරකථනයේ තිබෙන සංවාද හාඩ් ඩිස්ක්වලට සීඩී තැටිවලට පිටපත් කරලා අරන් තියනවා. මේ වැඩේ කරලා දෙන මිත්‍රයෙක් තමයි සියල්ල පිටපත් කරලා පොලීසියට ලබා දෙන්නේ.

මේ පුද්ගලයා මේ සංවාද කලින් හෙළිදරව් නොකළේ, එහෙම කළා නම්, රන්ජන්  රාමනායක මන්ත්‍රීවරයා ඔහු සතුව තියෙන මුල් පිටපත් විනාශ කළා නම්,  මේ මහා අපරාධය අධිකරණයට හා විරුද්ධවාදී දේශපාලකයන්ට සිදු වූ අපරාධය ලොවට හෙළිදරව් කරගන්න බැවෙනවා. ඒ නිසා පොලීසිය විසින් මුල්පිටපත් අත්අඩංගුවට ගන්නාතුරු මේවා ප්‍රසිද්ධ කළේ නෑ. මේ සංවාද අඩංගු තැටි අත්අඩංගුවට ගන්න තමයි පොලීසිය ගේ වට කරන්නේ. නිල් චිත්‍රපට සහ බලපත්‍ර නැති පිස්තෝලය පරීක්‍ෂාවේදී සොයාගත් අතුරු සිල්ලර කාරණා යනුවෙන්ද පැවසීය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හා මන්ත්‍රීවරයා අතර ඇති වූ සංවාදය මෙලෙසිනි.

ප්‍රශ්නය - මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවතිද්දී  එම සංවාද හඬපට නලිකාවලින්, සමාජජාලවලින් විකාශනය වීම විමර්ශනවලට බාධාවක් නොවේද?

පිළිතුර - මේ ඕනෑම කාරණයක් පිළිබඳ පක්‍ෂ විපක්‍ෂ දෙපාර්ශවයම කතා කරනවා. ඊට කිසිම නීතිමය බාධාවක් නෑ. නමුත් විමර්ශනය තියෙන අතරේ කතා කරන්න බැහැයි කියමින් විත්ති පාර්ශ්වය මාධ්‍ය බය කිරීමට උත්සාහ ගන්නවා. මීට පෙර රණවක මන්ත්‍රීතුමන්ගෙන් මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්න අසද්දී ඒ මහතා කියනවා මේක අධිකරණය ඉදිරියේ තියන කාරණයක් ඔබ ගැන මා අධිකරණයට පැමිණිලි කරනචා කියලා. එවිට මාධ්‍යවේදියා ප්‍රශ්න අහන එක නතර කරගත්තා. ඒ විදියට බය කරගත්තා. එහම කිසිසේත්ම තමුන්නාන්සේලා බිය විය යුතු නැහැ. ප්‍රශ්න කරන්නට බැරි වන්නේ, මාධ්‍යවල ප්‍රසිද්ධ කිරීමට බැරි වන්නේ අධිචෝදනා ගොනු කළ දිනයේ සිට නඩු තීන්දුව දෙන දිනය දක්වා පමණයි.
රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්