රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මැගසින් බන්ධනාගාරයේ ජී වාට්ටුවේදී රූපවාහිනිය නරඹමින් දිනපතා සහ සති අන්ත පුවත් පත් බලමින් කාලය ගතකරන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.


සැකකාර මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස ගතකළ අවධියේ බන්ධනාගාර ප්‍රවෘත්ති මෙන්ම එහි ක්‍රියාකාරකම් ඇතුළත් රසකතා කියවීමට ඉතා රුචියක් දැක්වූ අතර පාර්ලිමේන්තුවේදී පවා ඒ පිළිබඳව අදහස් දක්වා ඇතැයිද පැවසේ.

මෙම සිරවාට්ටුවේ විශේෂ ගනයේ සැකකරුවන්  සිව් දෙනෙකු රඳවා සිටින අතර ඔවුන් සැකකාර මන්ත්‍රීවරයාගෙන් වෙන්කර තබා ඇතැයිද වාර්තා වේ.

සැකකාර මන්ත්‍රීවරයාට වෙන්කළ සිරකුටියේ ඔහු තනිව වෙසෙන බවද දැන ගන්නට තිබේ.
(ජයන්ත සමරකෝන්)