බුද්ධ ශාසන,
සංස්කෘතික සහ
ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරක ප්‍රධානීන් වෙත
ඊයේ (02 වැනිදා) අගමැති මහින්ද රාජපක්ෂ විසින් පත්වීම් ප්‍රදානය කරන ලදී.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස ජයන්ත ධර්මදාස, එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස රොහාන් වැලිවිට, ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ලෙස ස්ටෙලා මාරපන සහ මධ්‍යඹ ස්ංස්කෘතික අරමුදලේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය ගාමිණී අධිකාරි යන අය මෙසේ පත්වීම් ලබා ගත්හ.