කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරමින් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණු
සංඛ්‍යාව අද දහවල් වනවිට 4 දෙනෙකු විය. ඒඅය අතර චීන ජාතිකයින් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකිකයින්
දෙදෙනෙකු විය.

ශ්‍රී ලාංකික දෙදෙනාගෙන් කෙනෙකු චීනයේ ඉගෙනුම ලබමින් සිටි වෛද්‍ය සිසුවියක වන අතර අනෙක් තැනැත්තා පිරිමි පුද්ගලයෙකි.
මෙම  හතරදෙනාටම පවතින්නේ වෙනත් රෝග තත්යවක් විය හැකි බවත් කොරෝනා ආසාදන තත්වයක් හඳුනාගෙන නැති බවත් මූලික සාම්පල වාර්තා අනුව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ වනවිට තහවුරු කර තිබේ.
ඔවුන්ට එම වෛරසය ආසාදනය වී නොමැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කර තිබෙන අතර එම සාම්පල සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද වැඩිදුරටත් දන්වා ඇත.
එම රෝගීන් සිව්දෙනා විශේෂ ඒකකයක ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් ඔවුන්ගෙන වෛරස් පැතිරයාමක් සිදුනොවන බව ද  සඳහන් කර තිබේ.