අහුලාගත් හැදුනුම්පතක් උපයෝගි කර ගනිමින් එහි ලිපිනයට පුවත්පත්වල දැන්වීම් පළකර කුලී පදනම් මත වාහන ලබාගෙන වංචා කිරිම
සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් කර සිටින සැකකරුවකු ගාල්ල පොලිසියේ ඉල්ලීම පරිදි බන්ධනාගාරය මහින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ 9 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ තිස්සමහාරාම පදිංචි මාතර නගරයේ මුල්‍ය සමාගමක සහකාර කළමනාකරුවකු වන දෙහිවලගේ එරික් මදුෂාන් නමැති තිස්හය හැවිරිදි සැකකරුවෙකි.

ගාල්ල පොලිසිය විසින් අධිකරණයට වාර්තා කරන ලද කරුණු අනුව පසුකගිය අගෝස්තු 13 වැනිදා ඉරිදා පුවත් පතක කුලී පදනම මත වාහනයක් අවශ්‍ය බවට දැන්වීමක් පළකර තිබී ඇත.

ඒ අනුව පොළොන්නරුව ප්‍රදේශයේ කාත්තාවක් දැන්වීම් තිබූ දුරකතන අංකයට කතාකොට තමාගේ මෝටර් රථය ලබාදීමට කැමති බව පවසා ඇත.

දැන්වීම පළකර තිබු පුද්ගලයා පවසා ඇත්තේ තමා උණවටුනේ පදිංච සිටින නිසා වාහනයක් රැගෙන එන ලෙසය. ඒ අනුව වාහනය හිමි කාන්තාව ඇයගේ සැමියා සහ දරුවා සමග උණවටුන් නිවසට පැමිණ ඇති අතර එහිදී ඔහු රුපියල් හැට දහසක මාසික කුලියට මෝටර් රථය ලබා ගැනීමට කැමැත්ත පළකර තිබේ.

පසුව ඔවුන් පිවිසුම් අත්සන් කිරිම සඳහා ගාලේ නිතිඥවරියක් හමුවට ගොස් ඇති අතර නීතිඥවරිය ඔහුගේ හැදුනුම්පත ඉල්ලා පරික්ෂා කර බැලුවිට. ලිපිනය වීරවිල බවට සඳහන්ව තිබිමත් එහි ඡායාරූපය වෙනස් නිසා සැකසිතී ඒ පිළිබඳව විමසුවිට පවසා ඇත්තේ උපන්ගම වීරවිල වන අතර දැනට උණවටුනේ නිවසක් ගෙන පදිංචිව සිටින බවය.

හැදුනුම්පත් ඡායාරූපය කලකට පෙර ගත් එකක් නිසා තරමක් වෙනස් බවත් පවසා ඇත. ගිවිසුමේ සාක්කිකරුවන් ලෙස ඔහුගේ බිරිඳ සහමෝටර් රථය හිමි කාන්තාවගේ සැමියා අක්සන් කර ඇත.

කෙසේ වෙතත් වාහන අයිතිකාර කාන්තාවට එය ගැටලු නොවු නිසා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දෙපාර්ශවයම මෝටර් රථයෙන් ගාල්ලට පැමිණ ඇති අතර ඔහු ගාල්ල නගරයේදී වාහන හිමි කාන්තාවට රුපියල් පහළොස් දහසක්ද මාස් පතා කුලිය බැංකු ගිණුමේ නැත්පත් කරන බව පවසා ඇත.

ඒ අනුව මොටර් රථය ඔහුට දුන් ඇය සැමියා සහ දරුවාද සමග ගාල්ලේ සිට බස් රයෙන් පොළොන්නරුවට ගොස් ඇත.

එහෙත් නියමිත දිනයේ ගිණුමට මුදල් බැරවී නොතිබූ නිසා විසුවිච් ඔහු පවසා ඇත්මත් දින තුනකින් දෙන බවය.

දින කිහිපයක් ගත වුවත් මුදල් නොලැබීම නිසා ඇය ගාල්ලට පැමිණ උණවටුනේ නිවසිට ගොස් ඇත. එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු පවසා ඇත්තේ එය විලා එකක් වන අතර කුලියට දෙන බවය. මෙයට මාස දෙකකට පමණ පෙර යුවලක් කුලියට ගෙන සිටිය බවත් එම පුද්ගලයා පවසා ඇත.

ඉන්පසුව ඇය ගාල්ල පොලිසියට සිද්ධිය පැමිණිලි කර තිබේ.

පොලිසිය ඔහුගේ හැඳුනුම්පතේ සඳහන් වීරවිල ලිපිනය සොයා ගියවිට එම හැනුම්පත බාබර් සාප්පුවක්
පවත්වාගෙන යන පුද්ගලයෙකුගේ බවට අනාවරණය කරගෙන ඇත. එම පුද්ගලයා පවසා ඇත්තේ මෙයට කලකට පෙර තමාගේ හැඳුනුම්පත අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් ද දමා තිබෙන බවය.

ඉන්පසු පොලිසිය ඔහුගේ ජංගම දුරකථන ඇමතුම් විලේෂණ වාර්තාවක් අදාළ දුරකථන සමාගමෙන් ලබාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම අංකයෙන් කතාකර ඇත්තේ මෝටර් රථය හිමි කාන්තාව පමණක් බවය.

එම සිම්පත අම්බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට නිකුත්කර ඇති එකක් නිසා පොලීසිය එම් පුද්ගලයා සොයාගෙන ගිය විට එම පුද්ගලයාද පවසා ඇත්තේ තමාගේ හැදුනුම්පත 2016 වසරේ අස්ථානගතවී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි කර තිබෙන බවය.

මේ අතර මෝටර් රථය හිමි කාන්තාව මුල්‍ය සමාගම්වල වාහන අත්පත් කර ගන්නා පිරිසිකට ද වාහනයේ අංකය සහ විස්තර ලබාදී එය සුදුපාට වාහනයක් බවත් සෝදිසියෙන් සිටින ලෙසත් ඉල්ලා ඇත.

ඒ අනුව වාහන අත්පත් කර ගන්නා පිරිසක් මාතර නගරයේදී එම අංකය සහිත කළු වාහනයක් නවතා පරික්ෂා කිරීමකදී එහි සිටි පුද්ගලයා පවසා ඇත්තේ තමා මුල්‍ය ආයතනයක සහකාර කළමනාකරුවකු බවය.

එම අවස්ථාවේ වීරවිල ලිපිනය සඳහන් හැදුනුම්පත ද ඔහු සන්තකයේ තිබි ඇත. පසුව මාතර ඔහුගේ කුලී නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී කුලී පදනම මත පොළොන්නරුවේ කාන්තාවගෙන් ලබාගත් මෝටර් රථය ද එම නිවසේ තිබී ඇති අතර එහි අංක තහඩු දෙක ගලවා මෙම මෝටර් රථයේ සවිකර ඇති බවත් සොයාගෙන ඇත.

පසුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු මාතර මහේසේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට රිමාන්ඩ් කර ඇත.

මෙම අපරාධයට අවශ්‍ය බව ගාල්ල පොලිසිය කියා සිටීමෙන් පසු බන්ධනාගාරය විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ සැරයන් නන්දසිරි (20470) කාන්තා පොලිස් කොස්තාපල් ඔසානි (314) යන මහත්ම මහත්මීන් විසින් වැඩිදුර පරික්ෂණ පවාගෙන යනු ලැබේ.

උණවටුන ඩී.පි.සුගතපාල