අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා සහ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මේ බව පැවසීය.

“සජිත්ගෙන් රන්ජන් ගැන ඇහුවම. වැදගත් මගෙන් අහන්න එපා කිව්වා.
ඒ මැතිවරණයට පසු දුන් උත්තරය
මැතිවරණයට පෙර කිව්වේ මෙහෙමයි

මිත්‍රවරුණී,මෙතුමව තමයි දාන්නේ හොරු අල්ලන්න,එතකොට මුළු ආණ්ඩුවම පිරිසිදු වෙනවා

රන්ජන් සජිත්ට උම්මා එකකතුත් දුන්නා. සජිත් අපේක්ෂක වේදීකාවේ. ජනතාවට රංජන් වෙළෙඳ භාණ්ඩයක් කළා
දැන් මනෝ වෛද්‍යවරයෙක් ළඟට දාලා. රන්ජන්ට පිස්සු කිව්වොත් වැඩේ ඉවරයි

හඩපට යට යනවා. උත්තර දුන්නු අයත් පිස්සු නිසා මෙහෙම කිව්වා කියයි . හඬපට නිකුත් වෙලා ටික දවසක් වෙනවා
ශානී සහ දිල්රුක්ෂිගෙන් ප්‍රකාශ ගත්තේ නැහැ. කරුණු කාරනා වසන් කරන්න පුළුවන්. ඒ අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි

එක නීතියයි රටට තියෙන්න ඕනේ. හිරුණිකාගේ හඬපට තවත් තිබෙනවා. එකක් මගේ, අනික මගේ නෙමෙයි කියනවා. “හිරුණිකා බබා” කියලා තමයි මිනිස්සු දන්නේ. අපි පාර්ලිමේන්තුවෙත් කතා කරන්නේ

“හිරුණිකා බබා” දැන් නැගිටින්න කියලා. මේ හඬපට නිසා දැන් පවුල් ජීවීත දික්කසාද වෙනවා. දික්කසාද වුණු ප්‍රමාණය මෙච්චරයි

වැඩ තහනම්වුණු අය මෙච්චරයි. නීතීය ඉදිරියට ගෙනාව අය මෙච්චරයි. හිටපු මැති ඇමතිවරුන්ගේ මන්ත්‍රීකම් අහෝසියි. පටිගත නොවුණු ඒවත් තව ඇති. රාජිතලා,චම්පිකලා පූස් පැටව් වගේ ඉන්නේ. සම්බන්ධ හැම කෙනාගෙම දුරකතන පරික්ෂා කරන්න. දේශපාලනඥයින් සහ විනිසුරුවන් අතර සාකච්ඡා ගැන“