ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(16) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේය.


ඒ මහතා ගුවන් තොටුපළෙහි විවිධ අංශවල  කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමටත්, ගුවන් මගීන්ට වැඩි පහසුකම් ලබාදීමටත් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙතින් ගුවන් තොටුපළ තුළට පිවිසි ජනාධිපතිවරයා, සාප්පු සංකීර්ණය , ආගමන විගමන පරිශ්‍ර , රේගු පරිශ්‍ර , කුලී රථ කවුළු , බැංකු පරිශ්‍ර , මගී ගමන් මලු හුවමාරු අංශ , සංක්‍රමණික ගුවන්  මගී පර්යන්තය , ගුවන් යානා වෙත පිවිසෙන දොරටු සහ පැමිණීමේ පර්යන්තය පරීක්ෂාවට ලක් කළේය. ඒ අතරතුර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි දෙස් විදෙස් සංචාරයන් සමග ද සුහද පිළිසදරක ද නිරත වූයේය.

(ටී.කේ.ජී.කපිල )