පසුගියදා රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු කතාවේදී ෂාරුක් ඛාන්ට බෝම්බ ගැසූ සිද්ධිය ගැන උදය ගම්මංපිල මහතාට එල්ලවූ චෝදනාව ගැන ඔහු මෙසේ කියයි.

ෂාරුක් ඛාන්ට බෝම්බ ගැසීමේ සිද්ධිය ගැන මා දන්නෙත් රටේ හැමෝම දන්න ඕපාදූප කතා ටික පමණයි. පරිසරය සුරැකීම සඳහා අපි සම්පාදනය කරන නීතිරීති නීති පොතට සීමා වුණු හින්දා තමයි අභයභූමි, ජනාවාස නගර බවට පත්වෙලා තියෙන්නේ, පසරය අපිට හැමදාම සුමිතුරුයි. හැබැයි පරිසරයට
හතුරු වැඩක් කළොත් අපිට පටන් එක දෙනවා දෙගුණ තෙගුණ වෙන්න. පරිසරය පිළිබඳ සංවේදීතාවය මිනිසුන්ගේ හදවතට දැමොත් නීතිර්ති අවශ්‍ය වෙන්නේ නැහැ.

ගොවීන් අතට තුවක්කු දීම අලි-මිනිස් ගැටුම් වැඩි වීමට හේතුවක් වෙනවා මිසක් විසඳුමක් වුනේ නැහැ. අලියට ගමට ඇතුළුවන පාර හදලා තියෙන්නෙත් මානව ක්‍රියාකාරකම්වලීන්, කැලේ ඉන්නෙ සත්තුන්ට වෘත්තීය සමිති නැහැ ගස්වැල්වලට ඡන්ද බලය නැහැ. හඩක් නැති ගස්වැල් සතු වෙනුවෙන් වෙනස්වී ඇමතිතුමාට පෙනී ඉන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

රන්ජන් රාමනායක අවස්ථා ගණනාවකම හොඳම නළුවාට හිමි සම්මානය ගත්තා නම් ගත්තේ 2020 ජනවාරි 21 වැනිදා කරපු කතාවට. එතුමා එදා පට්ටපල් බොරු 6ක් කිව්වා. ඔහුගේ හඩ පටවලින් හොරුන් අල්ලන්න උත්සාහ දරපු බවක් පේන්නේ නැහැ. හඬපටවලින් හෙළි වන රන්ජන්ගේ වීර ක්‍රියා මොනවාද? සතියකට සැරයක් හෝ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සිරගත කිරීමට කුමන්ත්‍රණය කිරීම, පොලිස් විමර්ශනයේ රහස්‍යවල ප්‍රගතිය හෙළිදරව් කිරීම, මේවා හොරු අල්ලන වැඩද?

හොරා රන්ජන්ම තමයි. මාත් නීතිඥයෙක් තමයි රන්ජන් රාමනායක ප්‍රකාශ කළා ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද කියලා මගෙන් අභග්න කියලා. මටත් කියන්න තියෙන්නේ මේ රටේ හැමෝම දන්න ඕ දූප කටකතා ටික පමණයි.

ඊට වඩා වැඩි යමක් දන්නවා නම් මා ඒවා අදාළ අංශවලට දැනුම් දෙනවා.