චීනයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් සියයට 50ක ගාස්තු සහනයක් ලබාදීමට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම තීරණය කර ඇත.

දිනපතා ගමන්වාරවල යෙදෙන
ශ්‍රී ලක්කන් එයාර් ලයින්ස් යානාවලින් පැමිණිමේදී මෙම ගාස්තු සහනය ලබාදෙනු ඇත.

චිනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමට දැනටත් නියෝග කර ඇත.

සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානා කිහිපයක්ද මේ වනට සුදානම් කර ඇතැයි ද ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

සුජිත් හේවාජූලිගේ