ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රාජකාරි කටයුත් සිදුවන ආකාරය ගැන එහි සභාපතිවරයාට ප්‍රවාහන කළමනාකරණ  විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින්  රතු එළියක් දක්වා ඇතැයි වාර්තා වේ. ලංගම ඇතැම් ඩිපෝවල ඉඩ නොදෙමින් ඇතැම් වත්තීය සංගම් සාමාජිකයන් පහරදීම්, ඩිපෝ
අධිකාරීවරුන්ගේ කාර්යාල

වසා දමා අධිකාරිවරුන්ට සේවයට ඒමට ඉඩ නොදීම ආදී සිද්ධීන් ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ලංගම සතු බස් රථ 6000න් රියැදුරන් නොමැති නිසා බස් රථ 700ක් ධාවනයේ නොයදීමත් ගැන සාකච්ඡාකොට වැඩපිළිවෙළක් යොදන ලෙසටත් ඇමැතිවරයා  දුන් උපදෙස් අනුව ක්‍රියාමාර්ග නොගැනීමත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීම්වලට සහභාගි වන ලෙසට කරන දැනුම්දම්වලට ප්‍රතිචාර නොදැක්වීමත් ගැන ප්‍රවාහන අමාත්‍යාංශයේදී ලංගම පෞද්ගලීක බස් ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරීම සඳහා පෙරේදා (22දා) පැවැති රැස්වීමේදී අමාත්‍යවරයා මේ අනතුරු ඇගවීම ලංගම සභාපතිවරයාට කර තිබේ.

මේ සාකච්ඡාවට ජාතික ගමනාගමන කොමිෂමේ සභාපතිවරයා පැමිණ සිටියත් ලංගම සභාපතිවරයා පැමිණ සිට නැත. ඇමැතිවරයා ලෙස තමා දැම්නුදෙන කාරණා සම්බන්ධව  ක්‍රියාමාර්ග නොගන්නවනම් සභාපති පදවියෙන් ඉවත් වන ලෙස පවසා ඇති ඇමැතිවරයා තමා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් වන බව ප්‍රකාශ කර ඇත.