චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වන නව කෝරෝනා වයිරස් උණ රෝගීන් ශ්‍රී ලංකාවට පැමිණේ ද යන්න
සම්බන්ධයෙන් දැඩි
අවධානයෙන් පසුවන බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය. කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඒකකය ඒ සම්බන්ධයෙන් අනාවරණය කර ඇතැයි ද වෛද්‍ය සමරවීර මහතා කීවේය.

මේ අතර එම උණ රෝගය පැතිර යාම නිසා ගුවන් ගමන් සීමා කිරිම් අවශ්‍යතාවක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙන බව ද ඔහු කීය. හැමවිටම මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර කහින විට හා කිවිසන විට ලේන්සුවකින් මුව ආවරණය කිරීම, නිතර නිතර සබන් යොදා දෑත් පිරිසුදු කිරීම, ජනාකිර්ණ ස්ථානවල අනවශ්‍ය ලෙස ගැවැසීමෙන් වැළැකීම, ආදී කරුණු මගින් රෝගය පැතිර යාම පාලනය කළ හැකි බවද ඔහු පැවැසීය.