පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනාධිපති තනතුර තිබියදී කල් ඇතිව සොයා නොබැලීම ගැන හිටපු ජනපති
මෛත්‍රිපාල සිරිසේනට
චෝදනා එල්ලවී පවතින අතර ඒ ගැන මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කරන ලෙස අධිකරණය දැනුම් දී තිබේ. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැදවා ඇති නමුත් ඔහු ඒ වෙත ගොස් ප්‍රකාශයක් ලබා නොදෙනු ඇති බවත් රහස් පොලිස් නිලධාරීන් මෛත්‍රිපාල සිරිසේනගේ නිවසට ගොස් එම කට උත්තරය ලබාගනු ඇති බවත් වාර්තාවේ.
එයට අදාළ දිනය ඉදිරියේ දැනුම් දීමට නියමිතව ඇති බව රහස් පොලිස් උසස් නිලධාරියෙකු දැනුම් දී තිබේ.