ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවගේ තත්වය බරපතළ නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ අනිල් ජාසිංහ මහතා පැවසීය.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDB) තුළදී ඇයට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබාදෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තමන් එම රෝහලේ අධ්‍යකෂවරයාගෙන් ඇයගේ තත්වය විමසා බැලූ බව ද සඳහන් කළේය.

ඇය දැනට සුවය ලබමින් සිටින බව කී අනිල් ජයසිංහ මහතා
මෙම රෝගයේ ලක්‍ෂණ අනුව එම තත්ත්වයේ වෙනසක් සිදුවේද යන්න ස්ථිරවම කිව නොහැකි වුවත් මේ වනවිට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද කීවේය.සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙම කාන්තාව ශ්‍රී ලංකාවේ දී නැවති සිටි ස්ථාන හා සංචාරය කළ ස්ථාන සම්බන්ධයෙන් සොයාබලා එම ස්ථානවල සිටින පිරිස්වලට අවශ්‍ය ආරකෂිත උපදෙස් ලබාදීම සිදුකරමින් සිටින බව ද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

-ඩයනා උදයංගනී-