සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

උපාධිධාරී භික්ෂූන්
වහන්සේලා පිරිසක් මේ වනවිට සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලවල සේවය කරමින් සිටින බවද අගමැතිවරයා කීය.

එම භික්ෂූන් වහන්සේලා ගුරුසේවයට අනුයුක්ත කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්බවද වාද්දුව ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වූ අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය


(රංජන් කස්තුරි)