ඊයෙ (11) රාත්‍රී 9 ට පමණ බුලත්කොහුපිටිය මොරොන්තොට ප්‍රදේශයේ පවුල් 2 ක් අතර ඇතිවූ ආරවුලක් අතරතුරදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා අනතුරක් සිදුව තිබේ.

පවුල් දෙකේ

සාමාජිකයින් අතර කලෙක සිට පවතින ආරවුලක් දුරදිග යාමෙන් බහින්බස්වීම අතරතුර පහරදිමක් සිදුව ඇති අතර අනතුරුව එක් අයෙකු නිවසේ සගවා තිබූ ඇසිඩ් බෝතලයක් භාජනයකට හලා ගෙනවිත් එය විරුද්ධ පාර්ශ්වය වෙත විසී කර කෝපය පිට කර තිබේ. මෙම හැසිරීම හේතුවෙන් ඇසිඩ් පහර කෑ සෙසු පවුලේ සාමාජියින්ගේ අවයව පිලිස්සීමකට ලක්ව ඇති අතර 8 දෙනෙකු රෝහල් ගත කර ඇත. දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද පැවසේ. කෑගල්ල රෝහල සදහන් කරන්නේ අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් පවතින බවයි.
බුලත් කොහුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.