අබුඩාබිහිදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනකු මියගොස් ඇතැයි අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. එලෙස රීය අනතුරින් මියගොස් ඇත්තේ අබුඩාබිහි ආයතනයක පිරිසුදු කිරීමේ රැකියාවක නියුතු ශ්‍රී ලාංකික කාත්තාවන් දෙදෙනකු බව වාර්තා වේ. ඔවුන් සමග එම ආයතනයේ
සේවය කළ තවත් 4 දෙනකු ද
මියගොස් 16 දෙනකු තුවාල ලබාඇතැයි එම තානාපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. ලංකික කතුන් දෙදෙනා ඇතුළු එම පිරිස රැගත් කුඩා බස් රථයක් අබුඩාබි නගරයේ සිට අල් ෂාහාමා ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේම නවාතැන්පොළවල් වෙත ඇරලවිම සඳහා ඉකුත් 16 වැන්දා රාත්‍රියේදි අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදී එම මර්ගයේ ගමන් කරමින් තිබූ කන්ටේනරයක පසුපස ගැටිමේන් මෙම රිය අනතුර සිදුවි ඇත.

රිය අනතුර සිදුවූ ස්ථානයේදීම ලාංකික කතුන් දෙදෙනා ඇතුළු පිරිස මියගොස් ඇත. මියගිය ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා සඳහා වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන් සේවය කළ ආයතනය සමග සාකච්ඡා කරන බව විදේශ කයුතු අමාත්‍යාංශය පවසයි. එසේ ඔවුන්ගේ දේහයන් කඩිනමින් දිවයිනට ගෙන ඒම සඳහා එම මරණ සැක කටයුතු නොවන බව පවුලේ සාමාජිකයන්ගෙන් ලිපියක් අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, එම ලිපිය ලද විගස එය අබුඩාබි රජයේ නිලධාරින් වෙත ඉදිරිපත් කරන බවත් මියගිය කාන්තාවන්ගේ මෘත දේහයන් දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිදු කරන බවත්ය. ශ්‍රී ලාංකික කාන්තාවන් ගමන් ගත් බස් රථය අනතුරට ලක්වන ආකාරය සී.සී.ටී.වී. කැමරාවක ද සටහන් වී ඇතැයි තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.

-තිළිණි ද සිල්වා-