ඉන්දියානු සමාගමක් විසින් ලංකාව තුළ රූපලාවණ්‍යාගාර හත්සියයක් පිහිටුවීමට ගෙන තිබෙන තීරණය නතර කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් අමාත්‍යාංශය තීරණය කර
තිබේ.  මේ
පිළිබදව රූපලාවණ්‍ය කේශාලංකරණය පිළිබඳ ශිෂ්‍යයන්ගේ සංගමය හා විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.  පසුගිය ආණ්ඩු සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට සැලසුම් කර තිබූ අතර, මේ හරහා ලංකාව තුළ ක්‍රියාත්මක වන රූපලාවණ්‍ය කටයුතුවලට බලපෑම් සිදුවන බවට අදාළ සංගමය මගින් අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

අදාළ ව්‍යාපෘතිය යටතේ රූපලාවණ්‍යගාර අටක් මේ වනවිට රට තුළ ක්‍රියාත්මකවන බවටද අදාළ පිරිස් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙන අතර, මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර ව්‍යාපෘතිය නතර කරන බවට විෂය භාර අමාත්‍යවරයා ශ්‍රී ලංකා රූපලාවණය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමයට පොරොන්දු වී තිබේ.